කැළණි ගඟ උතුරන්න තරම් වැහි වැටුණාලු
හුලං පාරට සියඹලා ගහේ මහ අත්ත
ඔයාගෙයි මගෙයි බංකුව උඩට වැටුණාලු
ආරංචි වුණ ගමන් මං ගියා ගහ ළඟට
බංකුවේ මගෙ පැත්ත අත්ත යට කුඩුවෙලා
ඔයාගේ පැත්ත නම් බේරිලා වෙලාවට
බිමට පෙරලිලත් නෑ අත්තටම බරවෙලා
මහ නගර සභාවෙන් ඇවිල්ලා කට්ටියක්
කුට්ටි කරලා අත්ත පැටෙව්වා ලොරියකට
කුඩු වෙච්ච කෑලි ටික එකතුකර ගහ මුලට
ඔයාගේ පැත්ත විසිකළා කුණු ලොරියටම
-සකුස්
අළුතෙන් බංකුවක වාඩි ගන්න කෙනෙකුයි.අළුත් බංකුවකුයි ගැන බලන්න.
ReplyDeleteJHOTHISHALANKA,
ReplyDeleteබලමු බලමු.. පළමු කොමෙන්ටුවට ස්තූතියි!!
සිරාම සිතුවිලි ධාරාවක් මැවුනා.පට්ට සංකල්පයක්....මරු
ReplyDeleteබොහොම ස්තූතියි.. ඉස්සරහට ලියන ඒවත් කියවන්න..
ReplyDeleteඕක අපෙත් බංකුව ........ඉස්සර කාලෙක.
ReplyDeleteසරල සිදුවීමක් ඇතුලෙ සන්කීර්න සන්කල්පයක් හැන්ගිලා. බොහොම ලස්සනයි. මටත් ආසයි කවි බ්ලොග් එකක් ලියන්න. සින්හලෙන් ලියන විදිය තවම මීටරයට වැටුනෙ නෑ
ReplyDeleteලස්සන කවියක්.. මගෙ ඉස්සෙල්ලා කමෙන්ටුව පල වුනේ නැත්තෙ ඇයි
ReplyDeleteObserverට සහ ඇනෝට,
ReplyDeleteබොහොම ස්තූතියි කොමෙන්ට් වලට...
ඇනෝ, Moderation දාල හින්දයි පල නොවුණෙ. දැන් හරිනෙ..