Thursday, August 4, 2011

අපේ බංකුව

පෙරෙයිදා හවස අපි වෙන්වෙලා ගිය පසුව
කැළණි ගඟ උතුරන්න තරම් වැහි වැටුණාලු
හුලං පාරට සියඹලා ගහේ මහ අත්ත
ඔයාගෙයි මගෙයි බංකුව උඩට වැටුණාලු

ආරංචි වුණ ගමන් මං ගියා ගහ ළඟට
බංකුවේ මගෙ පැත්ත අත්ත යට කුඩුවෙලා
ඔයාගේ පැත්ත නම් බේරිලා වෙලාවට
බිමට පෙරලිලත් නෑ අත්තටම බරවෙලා

මහ නගර සභාවෙන්  ඇවිල්ලා කට්ටියක්
කුට්ටි කරලා අත්ත පැටෙව්වා ලොරියකට
කුඩු වෙච්ච කෑලි ටික එකතුකර ගහ මුලට
ඔයාගේ පැත්ත විසිකළා කුණු ලොරියටම
-සකුස්

8 comments:

  1. අළුතෙන් බංකුවක වාඩි ගන්න කෙනෙකුයි.අළුත් බංකුවකුයි ගැන බලන්න.

    ReplyDelete
  2. JHOTHISHALANKA,

    බලමු බලමු.. පළමු කොමෙන්ටුවට ස්තූතියි!!

    ReplyDelete
  3. සිරාම සිතුවිලි ධාරාවක් මැවුනා.පට්ට සංකල්පයක්....මරු

    ReplyDelete
  4. බොහොම ස්තූතියි.. ඉස්සරහට ලියන ඒවත් කියවන්න..

    ReplyDelete
  5. ඕක අපෙත් බංකුව ........ඉස්සර කාලෙක.

    ReplyDelete
  6. සරල සිදුවීමක් ඇතුලෙ සන්කීර්න සන්කල්පයක් හැන්ගිලා. බොහොම ලස්සනයි. මටත් ආසයි කවි බ්ලොග් එකක් ලියන්න. සින්හලෙන් ලියන විදිය තවම මීටරයට වැටුනෙ නෑ

    ReplyDelete
  7. ලස්සන කවියක්.. මගෙ ඉස්සෙල්ලා කමෙන්ටුව පල වුනේ නැත්තෙ ඇයි

    ReplyDelete
  8. Observerට සහ ඇනෝට,
    බොහොම ස්තූතියි කොමෙන්ට් වලට...

    ඇනෝ, Moderation දාල හින්දයි පල නොවුණෙ. දැන් හරිනෙ..

    ReplyDelete

පුංචි දෙයක් හරි ලියලා යන්න..